Hot Posts

6/recent/ticker-posts

දෙදරු මවට මරු කැඳවූ මාරක අනතුර


මැදවච්චිය, රඹෑව A9 මාර්ගයේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පදවිය බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි.

අදාළ කාන්තාව සිය ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගී වීම සඳහා ත්‍රීරෝද රථයකින් මාවනැල්ල ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුර වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර ඔවුන් ද සුලු තුවාල ලබා තිබේ.

ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලොරි රථයේ රියදුරු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments