Hot Posts

6/recent/ticker-posts

ඩොලර් 70000 ක් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා කාන්තාවක රැවටු අයෙක් පොලිස් දැලේ


වට්ස්අප් හරහා සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් කාන්තාවකට ඩොලර් 70000 ක් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා කාන්තාවක් රවටාගෙන මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 වයසැති ඊ.පී. ධම්මිකා නමැති කන්තාව එසේ අත්අඩංගුට ගෙන තිබුණා.

වට්ස්අප් හරහා සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් කාන්තාවකට ඩොලර් 70000 ක් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා එම කාන්තාව රවටාගෙන රුපියල් 1,255,000/= ක මුදලක් බැංකු ගිණුම් වෙත තැම්පත් කරවා ගෙන වංචා කිරීමකට අදාලව එම මුදලින් 680 70,000/- ක මුදලක් මෙම සැකකාරියගේ ගිණුමකට තැම්පත් කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ,

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ,

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments