Hot Posts

6/recent/ticker-posts

ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබූ තඹ කම්බි සොරකම් කළ සැකකරුවන් රිමාන්ඩ්


ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබූ රුපියල් 416000/= ක් වටිනා තඹ කම්බි සොරකම් කළ බව කියන සැකකරුවන් තුන්දෙනකු ලබන 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (18) නියෝග කළා.

කෙසෙල්වත්ත පොලිසියට එම අධිකරණයේ සේවකයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.


සිද්ධියට අදාලව සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ විදුලි රැහැන් සඳහා භාවිතා කිරීමට තිබූ තඔ කම්බි මෙලෙස සොරකම් කළ ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාල තවත් සැකකරුවන් සිටිනම් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments