Hot Posts

6/recent/ticker-posts

රට වටේම යතුරුපැදි හොරාගෙන ස්පා ගිය තරුණයා


රාත්‍රී කාලයේ නිවෙස්වල නතර කර තිබෙන යතුරුපැදි සොරාගන්නා යුද හමුදාවෙන් පලා ගිය කමාන්ඩෝවරයෙකු අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළා.

සැකකරු සමඟ රුපියල් ලක්ෂ විසි තුනක් පමණ වටිනාකම ඇති  යතුරුපැදි තුනක්ද පොලිසිය  විසින් සිය භාරයට ගනු ලැබුවා.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක  තරුණයෙකු වන අතර ඔහු හොරණ, බැල්ලපිටිය, පිච්චමල් උයන ප්‍රදේශයේ තාවකාලිකව නතර වී සිටින අයෙක්.

යතුරුපැදි සොරකම් කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති මෙම සැකකරු විනාඩි කිහිපයක් ඇතුළත යතුර නොමැති යතුරුපැදි සොරා ගෙන පලා යාමට තරම් දක්ෂයෙකු බවද පොලිසිය පවසනවා.

සැකකරු විසින් සොරා ගන්නා ලද ඩියෝ වර්ගයේ යතුරුපැදි දෙකක් සහ ට්‍රැකර් වර්ගයේ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන ඇති යතුරුපැදි බැල්ලපිටිය, රෙමුණ හා කැස්බෑව යන ප්‍රදේශවලින් සොරා ගත් ඒවා බව අනාවරණ වී තිබෙනවා.

මෙලෙස සොරා ගන්නා ලද යතුරුපැදි ලක්ෂය, ලක්ෂ දෙක වැනි ඉතා අඩු මුදලකට  මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට විකුණා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුම් සකස්  කර යතුරුපැදි විකිණීම සඳහා පළකර තිබෙන දැන්වීම්වලට කතාකර මිලදී ගන්නා මුවාවෙන් යතුරු පැදි ලබාගෙන හොඳ තත්ත්වයේ තිබේදැයි පරික්ෂා කර බැලීමට වටයක් ගොස් පැමිණෙන බව පවසා  පලාගොස් ඇති අවස්ථාද බොහොමයක් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

කුලී පදනම මත  සුඛෝපභෝගී වාහන  ලබාගෙන පාවිච්චි කරන මෙම පුද්ගලයා සමාජ ශාලා, සම්බාහන ආයතනවල  වැඩි වශයෙන්  ගතකරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවැනි අපරාධ රාශියක් සිදු කර ඇති අතර එම අපරාධ අතර, අහංගම ප්‍රදේශයේ අපරාධ 05 ක්ද අඟුරුවාතොට ප්‍රදේශයේ අපරාධ 02ක් හා කැස්බෑව ප්‍රදේශයේ අපරාධයක් ද වශයෙන් අනාවරණය කර ගත් බව පොලිසිය පවසනවා.

පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල වීරසේකර, පොලිස් සැරයන් 29029 මහින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 99625 අබේකෝන්, 102446 දිසානායක යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments