Hot Posts

6/recent/ticker-posts

දිවුලපිටියේ දී සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට


දිවුලපිටිය දූනගහ - ගොඩිගමුව මාර්ගයේ ඊයේ (20) සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

එහිදී එක් පුද්ගලයෙකු එම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වී අතර අනිත් පුද්ගලයා මීගමුව රෝහල් ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව දිවුලපිටි පොලීසිය පැවසීය.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන බඩල්ගම ඉහළ මඩන්පැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

දිවුලපිටි පොලිසීය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments