Hot Posts

6/recent/ticker-posts

නානුඔය ත්‍රීරෝද රථයක් පෙරළී පස් දෙනෙකුට තුවාල


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා ළමුන් ඇතුළු 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

තලවකැලේ සිට නුවරඑළිය උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මර්ගය හරහා පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ එකම පවුලේ පස් දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.

අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments