Hot Posts

6/recent/ticker-posts

ලොකු ලූනු මිලදීගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්


මධ්‍යස්ථාන හරහා ලොකු ලූනු මිලදී ගැනීමේදි වට ප්‍රමාණයේ මැන බැලීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසයි.

එම ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් සිදු නොකරන බවත් අදාළ නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර අදාල මිලදී ගැනීමේ ක්‍රියාවලියන් සිදු කරන බවත්ය.

ගොවීන්ගේ ලොකු ලූනු අලෙවි කරගැනීමට නොහැකිවීමේ ගැටලුව විසඳීම සඳහා ලංකා සතොස ආයතනය ලොකු ලූනු අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවේ පසුගියදාය.

නමුත් ඒ සඳහා කොන්දේසි 17ක් පැනවූ අතර ඒ අනුව ලොකු ලූනු ගෙඩියක විශ්කම්භවයය 35-65mm අතර විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි 8ක් පමණක් අන්තර්ගත විය යුතු බවත් එම කොන්දේසි අතර සඳහන් විය.

කෙසේ වෙතත් මෙම නිර්නායක පැනවීමත් සමග ගොවීන් රැසක් ඊට විරුද්ධ වී ඇත්තේ එම නිර්ණායක සම්පූර්ණ කරන ලොකු ලූනු අස්වැන්නක් තමන් සතුව නොමැති බව පවසමිනි.

මෙම ලූනු මිලදී ගැනීම සම්බන්ධයෙන් සතොස බලධාරීන් විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබූ අතර එහිදී ලූනු ගෙඩියේ මිනුම් පිළිබඳවද යළි පැහැදිලි කිරීම්ක කළේය.

එහිදී අදහස් දක්වමින් ලංකා සතොස ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු මිලදී ගැනීමේදි ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් අදාළ මධ්‍යස්ථාන තුළදී සිදු නොකරන බවය.

"සඳහන් වුණා අපි වට මැනීමක් සිදුකරනවා කියලා. නමුත් ප්‍රමිතියේ වත් වට මැනීමේ වත් සඳහන් වෙලා නෑ. අපේ ප්‍රමිතියේ සඳහන් වෙලා තියෙන්නේ විෂ්කම්භය, විෂ්කම්භය කියන්නේ ලූනු ගෙඩියේ හරස් කඩ කැපුවාම එක් විෂ්කම්භය තමා ගන්නේ. නමුත් ක්ෂේත්‍රයේදී කිසිම වෙලාවකට ලූනු ගෙඩියේ මැනීමක් සිදුකරන්නේ නෑ අපේ නිලධාරීන් ඇස් මට්ටමින් තමයි පරීක්ෂා කරන්නේ. කිසිම අවස්ථාවක කිසිදු මධ්‍යස්ථානයක ප්‍රමාණය මත ලූනු ප්‍රතික්ෂේප වෙලා නෑ."

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments