මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය.
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය අප්කට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේ කර්මන්තශාලාව අසල දී ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවේ ගැටී නතර වී ඇත.
ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් රියදුරාගේ බිරිඳ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.
මේ දිනවල මධ්‍යම කඳුකරයේ පස්වරුවේ පවතින අයහපත් කාලගුණයත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments