දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොළ පොලිස් වසමට අයත් තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ හදිසි නායයාමක් සිදුව තිබේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව මූලික පොලිස් වාර්තා සඳහන් කරයි. පවතින දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද, වරකාපොළ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයන් සොයා මේ වන විටත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments