බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය සමත් වී තිබෙනවා.
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලක් හරහා එම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත කිරිබත්ගොඩ හෝටලයකදී මෙම යුවල අත්අඩංගුවට ගත්තා.
දැනට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරුණු ගණයේ අපරාධකරුවන් කිහිපදෙනෙක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
එලෙස රඳවා සිටින අමල් රාජ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජංගම දුරකථන හරහා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවටයි හෙළිව ඇත්තේ.
වට්ස්ඇප් හරහා සම්බන්ධ වෙමින් ඔහු මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණ ගත් පොලිසිය අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල හරහා අමල් රාජ් නමැත්තාට ඇමතුමක් ලබාගෙන තිබෙනවා.
එහිදි එම කාන්තාව අමල් රාජ්ට ඇමතුමක් ලබාදෙමින් ”ලොකු එකෙන් ග්‍රෑම් 25 ක් ඕන“ යනුවෙන් පවසා ඇති අතර, එහිදි අමල් රාජ් නමැත්තා ඇයට පවසා ඇත්තේ කොටහේනට පැමිණ තමන්ට යළි ඇමතුමක් ලබාගන්නා ලෙසයි.
ඒ අනුව බුද්ධි අංශ නිලධාරියෙක් එම අඹුසැමි යුවල ද ත්‍රිරෝද රථයක නංවාගෙන කොටහේනට ගොස් ඇති අතර, අදාළ කාන්තාව යොදාගනිමින් යළිත් වරක් අමල් රාජ් නමැත්තාට ඇමතුමක් ලබාදී තිබුණා.
එහිදි අමල් රාජ් නමැත්තා ඔවුන් රැඳී සිටින ස්ථානයේ සහ ත්‍රිරෝද රථයේ ඡායාරූප එවන ලෙසට දැනුම් දී ඇති අතර, එම ඡායාරූප වට්ස්ඇප් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ මත්ද්‍රව්‍ය බුද්ධි අංශ නිලධාරියාට ලබා දී තිබෙනවා.
එහිදී ක්‍රියාත්මක වු පොලිසිය එම හෙරොයින් සමග අදාළ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබුවා.
ස්ටීවන් රාජ් නමැති එම පුද්ගලයාගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ ඔහු කුලියට රැඳී සිටි ස්ථානයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්600 ක් සහ විදේශීය දුම්වැටි 5,400 ක් ද සොයාගත්තා.
එමෙන්ම, එම නිවසේ තිබි රුපියල් 68,000 ක මුදලක් ද සොයා ගත් පොලිසිය ඊටදින කිහිපයකට පෙර ගිණුම්ගත කළ රුපියල් ලක්ෂ 4 කට අදාළ රිසිට්පත් ද සොයාගෙන තිබෙනවා.
ඔහුත් සමග මෙම ජාවාරමේ නිරත වු තවත් පුද්ගලයෙක් පළාගොස් ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments