Hot Posts

6/recent/ticker-posts

ඖෂධ වර්ග 350ක මිල නියාමනය කරයි


වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 350ක් මිල නියාමනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ මිලෙන් අධික වූ ඖෂධ වර්ග කිහිපයක මිල ගණන් ඒ අනුව අඩු වන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්

මේ අතර, පිටතින් ඖෂධ ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීම, පිටතින් රසායනාගාර සේවා ලබා ගැනීමට නිර්දේශ කිරීම ඇතුළු සේවාවන් කිහිපයක් සීමා කරමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් තම සංගමයේ විධායක සහ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments