Hot Posts

6/recent/ticker-posts

අස්වැසුමේ ක්‍රියාවලිය සහ ගැටලු ගැන ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය


අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් කාරක සභාව දැනුවත් කර තිබේ.

තවද අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙනීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිත කරනු ලබන නිර්ණායක පිළිබඳව කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එම නිර්ණායක මත අදාළ ප්‍රතිලාභ ලබා දීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරා ගැනීමේදී ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී ඇති ආකාරය පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දී ඇත.

දැනට පවතින අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා පමණක් පුද්ගලයින්ට ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති නමුත් විය යුත්තේ සමස්ත රටේම පුද්ගලයින් ඔවුන්ගේ සියලු තොරතුරු පද්ධතියකට ඇතුළත් කර ගැනීම බව මෙහිදී කරුණු දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇති අතර එලෙස ලියාපදිංචි වූ පසු නිවැරදිවම ඔවුන්ට අවශ්‍ය මොනවාද යන්න හඳුනාගත හැකි බවත් ඒ ඔස්සේ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමහාර්ග ගත හැකි බවත් කාරක සභාව විසින් අවධාරණය කර තිබේ.

එමෙන්ම වැඩිහිටියන්ට සහ ආබාධිත ප්‍රජාවට අදාළ අස්වැසුම ප්‍රතිලාභ නිවසටම ගොස් ලබා දීමේ හැකියාව පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

එමෙන්ම දැනට අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුණද ජාතික හැඳුනුම්පත නොමැතිකම හේතුවෙන් එම ප්‍රතිලාභ ලබා ගත නොහැකිව යම් පිරිසක් සිටින බව නිලධාරීන් කාරක සභාව දැනුවත් කර ඇති අතර ඒ අනුව හැකි ලෙස ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කර ගනිමින් කටයුතු කිරීම මගින් අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කමද කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දී ඇත.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments