Hot Posts

6/recent/ticker-posts

උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි


තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද දෙරණ වෙබ් අඩවිය සිදුකළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි"

අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධි සහතිකය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දහවල් විවේක කාලයෙන් අනතුරුව මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.

"ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ" යනුවෙන් ද  ඩීවී චානක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඔහු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ඉහතින් දැක්වේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments