Hot Posts

6/recent/ticker-posts

පුතා බඹර ප්‍රහාරයෙන් බේරගන්න ගිය පියා මරුට


බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වන බවයි පොලිසිය සඳහන් කළේ.


මෙසේ මියගොස් ඇත්තේ මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය අයෙගේ එකම පුතා නිවස ඉදිරිපිට පාපැදියෙන් සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

ඒ අතරතුර එම පුත්‍රයා බඹර ප්‍රහාරයකට ලක්ව ඇති අතර පුතාගේ කෑගැසීමට පියා දුවගෙන පැමිණි බවයි පැවසෙන්නේ.

එහිදී පියා විසින් බඹර ප්‍රහාරයෙන් තම පුතාව බේරා ගැනීම සඳහා සිය කමිසය ගලවා පුතාව වසා බදාගෙන තිබෙනවා.


පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බඹර ප්‍රහාරයෙන් බේරාගෙන මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පියා මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

අනතුරුව පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙන බවද එම ආරංචිමාර්ග පැවසුවා.

මියගිය තැනැත්තාගේ බිරිඳ විදේශගතව සිටින අතර නිවසේ ජීවත්ව ඇත්තේ පියා සහ (11) හැවිරිදි පුතා පමණක් බවයි පොලිසිය පවසන්නේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments