Hot Posts

6/recent/ticker-posts

ඉක්මනින් දිල්ලියෙන් පිටවෙන්න - අනතුරු ඇඟවීමක් නිකුත් කරයි


ඉන්දියාවේ දිල්ලි අගනුවර පදිංචිව සිටින නිදන්ගත හෘද රෝග හෝ ශ්වසන රෝග ඇති පුද්ගලයන්ට තාවකාලිකව එම කලාපයෙන් පිටව යන්නැයි එරට ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විශේෂඥයකු විසින්  බරපතළ සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා .

ඒ, නගරය පුරා පැතිරී ඇති දරුණු වායු දූෂණය හේතුවෙන්.

එම තත්ත්වය සමනය වනතුරු මෙලෙස පදිංචිය වෙනස් කරන ලෙසටයි පෙනහළු, දැඩි සත්කාර සහ නිදි ප්‍රතිකාර පිළිබඳ පුෂ්පාවතී සිංහානියා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගෝපි චන්ද් ඛිල්නානි ජනතාවට දැනුම්දෙන්නේ.

හැකියාවක් ඇති අයට සති 06ක් හෝ 08ක් දිල්ලිය අතහැර වෙනත් ස්ථානයක පදිංචි වන ලෙස වෛද්‍ය ඛිල්නානි ඉල්ලා සිටිනවා.

මෙම කාලසීමාව ආසන්න වශයෙන් දෙසැම්බර් මාසයේ මැද හෝ අවසානය දක්වා විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දිල්ලියේ සාමාන්‍ය වායු තත්ත්ව දර්ශකය ඉතා දුර්වල කාණ්ඩය (301-400) දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවකයි මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ.

වාර්තා වන පරිදි, මෙය වසරේ වාර්තා වූ වඩාත්ම භයානක වායු දූෂණ ඉහළ යාමක්.

වෛද්‍ය ඛිල්නානි පවසා ඇත්තේ පෙනහළු ආශ්‍රිත රෝගාබාධවල හදිසි අවස්ථා භයානක ලෙස ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සතිය පුරා ශ්වසන ගැටලු පිළිබඳ පැමිණිලි අහස උසට නැඟී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ඔහු යටතේ ප්‍රතිකාර ලබන නිදන්ගත පෙනහළු රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයෙහි දැඩි පිරිහීමක් දක්නට ලැබී තිබෙන බව ඒරට වාර්තාවල දැක්වෙනවා.

ගෙවුණු දින පහක කාලය තුළ, ඔහුගේ නිදන්ගත රෝගීන්ගෙන් අවම වශයෙන් 50%කගේ තත්ත්වය නරක අතට හැරී ඇති බව ඔහු හෙළිකරනවා.

මෙයින් සමහරුන්ට ඔක්සිජන් ආධාරක අවශ්‍ය වූ අතර, තවත් සමහරුන්ට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට පවා සිදු වී තිබුණා.

විශේෂඥවරයා නිරීක්ෂණය කළේ, කිසි විටෙකත් දුම් පානය නොකළ පුද්ගලයන්ගෙන් නව පෙනහළු පිළිකා රෝග විනිශ්චයන්ගෙන් 40% ක් දක්නට ලැබෙන බවයි.

මෙය විෂ සහිත පරිසරයේ බලපෑම පෙන්වන ප්‍රවණතාවක් බව ඔහු පෙන්වා දෙනවා.

වසර 30 ක් වෛද්‍ය සේවයේ නිරත වූ විශේෂඥ වෛද්‍ය ඛිල්නානි, තමා කිසි විටෙකත් තම දරුවන්ට හෝ මුණුබුරන්ට දූෂිත දිල්ලි කලාපයේ පදිංචි වීමට නිර්දේශ නොකළ බව ද මාධ්‍යවේදීන් හමුවේ පිළිගෙන තිබුණා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments