බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි සිසුවියක එම නේවාසිකාගාරය තුළ ගෙළ වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහ පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
මෙසේ මරණයට පත්ව ඇති සිසුවිය ක්‍රිෂ්ණපුරම්, කිළිනොච්චිය හි පදිංචි විදූශාන් නිතී නැමත්තියයි.
මරණකාරිය නේවාසිකාගාරයේ විදුලි පංකාවෙහි එල්ලී ගෙල වැලලාගෙන දිවි නසා ගෙන ඇති බවට එම සේන්දර්ය නිකේතනයේ සිසුවියක කළ දැනුම් දීම මත මෙම සිරුර සොයා ගත් බව පොලිසිය පවසනවා.
ඇය ගමට ගොස් දින දෙකකට පෙර පැමිණ තිබෙන අතර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇය සියදිවි නසා ගෙන තිබෙන බවට පොලීසිය සැක කරනවා.
නේවාසිකාගාරයේ කාමරය තුළ ඇය තවත් සිසුවියක සමඟින් සිට ඇති බවත් සියදිවි නසා ගන්නා අවස්ථාවේ එම තරුණිය කාමරයේ සිට නොමැති බව පොලීසිය පවසනවා.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments