Hot Posts

6/recent/ticker-posts

විපතට පත් ජනතාව සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පරිත්‍යාගයක්


පාකිස්තාන තරග සංචාරයේ ලැබෙන සියලුම මුදල් සහ තරග ගාස්තු ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් සඳහන් කර සිටියේ, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති පීඩනකාරී තත්ත්වය ගැන ක්‍රීඩකයින් සහ සහායක කාර්යමණ්ඩලය සිය කණගාටුවට ප්‍රකාශ කරන බවය.

එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායම යළි දිවයිනට පැමිණි පසු තවදුරටත් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු එහි සඳහන් කර ඇත.

මෙම දුෂ්කර කාලය තුළ එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් ආරක්ෂිතව සිටින ලෙසත්, මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ඔහු ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇත.

මේ අතර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය.

ඒ පාකිස්තානය සමග පැවති තීරණාත්මක  තරගය ලකුණු 6කින් ජය ගනිමිනි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments