Hot Posts

6/recent/ticker-posts

යතුරුපැදියක් සහ බසයක් ගැටී සිදු වූ මාරක අනතුරෙන් තරුණයෙකු ජීවිතක්ෂයට


මතුගම නෑබඩ මාර්ගයේ ඉද්දගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 24ක තරුණයකු අද (01) මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසනවා.

මතුගම නෑබඩ මාර්ගයේ ඉද්දගොඩ ප්‍රදේශයේදී හොරණ සිට මතුගම දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිකරුවකු ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 වියැති තවලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර බස් රථයේ රියැදුරු මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments