Hot Posts

6/recent/ticker-posts

ප්‍රදේශ 02ක නාඳුනන මෘත ශරීර තුනක් හමුවේ


මට්ටක්කුලිය සහ පමුණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාඳුනන පිරිමි මෘත ශරීර තුනක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (29) අදාළ පොලිස් ස්ථානවලට ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇති බවය.

මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝයකට අසල තිබී නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් හමුව ඇති අතර අනෙක් පිරිමි මෘත ශරීරය පමුණුගම, එපාමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ තිබී හමුව ඇත.

මෙම පුද්ගලයා අවසන් වරට හැඳසිට ඇත්තේ කළු පැහැති සරමක් හා ලානිල් පැහැති අත්කොට කමිසයක් වන බවත් ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අගල් 07 ක් පමණ වන කෙට්ටු සිරුරකින් යුක්තව සිටි පුද්ගලයෙකු බවත් සඳහන් වේ.

මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. 

මට්ටක්කුලිය පොලීසිය විමර්ශන කටයුතු සිදු කරන මෘත ශරීර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පමුණුගම ප්‍රදේශයෙන් හමු වූ මෘත ශරීරය හදිසි මරණ පරික්ෂණයෙන් පසු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පමුණුගම පොලීසිය ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments