Hot Posts

6/recent/ticker-posts

දැදුරු ඔයේ දියේ ගිලි මියගිය ගණන 5ක් වෙයි


අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබේ.

ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබේ.

අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණි.

කෙසේ වෙතත් ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන ගියත් දිවි බේරාගැනීමට නොහැකි විය. 

එමෙන්ම සෙසු පිරිසගේ සිරුරුද පස්වරුවේ සොයාගනු ලැබීය.

අතුරුදන් වූවන් සොයා හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments