Hot Posts

6/recent/ticker-posts

ලබන වසරේ පළමු මාස 6 තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවෙන් සැලසුම්

 


පළාත් සභා මැතිවරණය 2026 මුල් මාස 6 තුළ පැවැත්වීම

📢 අමාත්‍යාංශ නිවේදනය

👤 අමාත්‍ය බිමල් රත්නායක📍 කිළිනොච්චිය📅 අගෝස්තු 17, 2025🎯 2026 මුල් මාස 6

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු සදහන් කළේ, පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවය.

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

📊 මැතිවරණ කාලසටහන

2024
නොවැම්බර් මාසයේ මැතිවරණය පැවැත්වීම
2025
ජනාධිපති/පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම
2026
පළාත් සභා මැතිවරණ ඉලක්කය - මුල් මාස 6
"2025 වසරේ අපි ඡන්ද පැවැත්වුවා. 2024 දීත් අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 6 තුළ කරන්න තමා මුලික අදහස තියෙන්නේ. නීතිමය වශයෙන් බාධාවක් තියෙනවා. ඒවා ඉවත් කරගන්න බලනවා."
- අමාත්‍ය බිමල් රත්නායක

⚖️ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ගැන අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේ ඉලක්කය. පළාත් සභා ඡන්දය පවත්වලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා."
- අමාත්‍ය බිමල් රත්නායක

Post a Comment

0 Comments