Hot Posts

6/recent/ticker-posts

දියණිය දූෂණය කර වසර 20ක් හැංගුණු පියා


තම දියණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී වසර විස්සක් පුරා සැඟව සිටි පියෙකු මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල, මැදිරිය ප්‍රදේශයේ දී සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියාට එරෙහිව මොණරාගල මහාධිකරණයේ නඩුව විභාග වී ඇති අතර, එහිදී සියලු චෝදනාවලට වරදකරු කරමින් මහාධිකරණය විසින් සැකකරුට බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


ඊට අමතරව රුපියල් පනස් දහසක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් තවත් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.

අධිකරණය මගින් දඬුවම් නියම කර තිබුණ ද, සැකකරු වසර ගණනාවක් තිස්සේ සැඟව සිටීම හේතුවෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව වයස අවුරුදු පනස් හයක් වන මෙම සැකකරු මතුරට ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments