මොරගහහේන නගරය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් පෙරළී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් එහි රියැදුරු මිය ගිය බව මොරගහහේන පොලිසිය පවසනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි මංගල කුමාර සිරිවර්ධන නමැති 46 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය ත්‍රිරෝද රථ රියැදුරු හොරණ දෙස සිට මොරගහහේන නගරය දෙසට පැමිණීමේදී එකවරම නගරය ආසන්නයේ දී ත්‍රිරෝද රථයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස් මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය මෙන් තිබූ මෝටර් රථයේ ගැටී ඇතැයි පොලිසිය පවසනවා.
බරපතල තුවාල ලද ත්‍රිරෝද රථ රියැදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබුණා.
මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments