ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට ගන්දර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (05) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදන් වූ තරුණයා සොයා හිරිකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කර තිබේ.
ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments