විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලංකා සමාජය මුදවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුමට සමගාමීව ගංජා හේන් වැටලීමක් තණමල්විල පොලිස් වසමේ ඊයේ (5) සිදුකරනු ලැබීය.
තණමල්විල පොලිස් වසමේ වැටහිරියා කන්ද රක්ෂිත ප්‍රදේශයේ සහ හම්බේගමුව පොලිස් වසමේ දේවගිරි කන්ද රක්ෂිත ප්‍රදේශවල ඩ්‍රෝන යානා යොදාගෙන මෙම විශේෂ මෙහෙයුම සිදු කරන ලදී.
එහිදී වියළි ගංජා සහ අක්කර 05ක පමණ භූමියක වගා කර තිබූ ගංජා පැළ තවාන් 15ක් පමණ සොයාගැනීමට හැකිව ඇත.
තවද වියළි ගංජා කිලෝ ග්‍රෑම් 26ක් සමග ගංජා ගස් හා පැළ 250,000කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට, උඩවලව, ගාල්ල හා මොණරාගල පොලිස් කොට්ඨාශයන්හි පොලිස් නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments