හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් වටලා එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කංසා හේන් 6හි විශාල ගස් 85,000කට වැඩි ප්‍රමාණයක්ද, කුඩා පැළ තවාන් 4ක්ද තිබී ඇති අතර ඒ සියල්ල පුලුස්සා දමා විනාශ කළ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බේගමුව හා කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් අද (03) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments