කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දීමක් සිදුකර තිබේ.
එහි සඳහන් වන්නේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ (2025.11.01 වන දින සිට 2026.01.31 වන දින දක්වා ) පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දන්වා ඇති බවය.
ඒ අනුව,
මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.
දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුල මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.
එබැවින් එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුල එම මාර්ගයේ වාහන තදබදයක් ඇතිවීමට ඉඩකඩ ඇති බව දැනුම් දී තිබේ.
එබැවින් එහි ඉදිකිරිම් සිදුකරනු ලබන කාලය තුල කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected
.png)
0 Comments