අක්මිමන තල්ගම්පල උඩු බැට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මීමන තල්ගම්පල උඩු බැට්ටව පදිංචි කිඹියපතිරණගේ පියසේන (75) නැමති පුද්ගලයෙකි. මෙම ඝාතනයට සැකපිට උඩුබැට්ටව ප්‍ර දේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි වියේ පසුවු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයාගේ නිවස අසල පදිංචිකරුවෙකි.
පසුගිය 05 වැනි දින මෙම ප්‍ර දේශයේ නිවසක පැවති දානමය පිංකම සදහා මොවුන් දෙදෙනාම සහභාගිවි තිබුණි. පසුව දෙදෙනාම තම නිවෙස් වලට පැමිණ ඇති අතර එහිදි දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී තිබේ.
ඝාතනයට ලක්වු පුද්ගලයා විසින් සැකකරුට පිහියකින් පහරදිමට උත්සාහ කොට ඇති අතර එහිදි සැකකරු විසින් යකඩ පොල්ලකින් ඔහුට පහරදී ඇතැයි කියයි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments