ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි.
ඔහු, අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදුකරන අතර එම වැඩසටහන නොවැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කරන බවය.
"ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සහ විශේෂ චාරිකා සේවා නියාමනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළේ. පොදුවේ මේ කේෂ්ත්‍රයේ නියැලෙන විශාල සංඛ්‍යාවකගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නොවන ප්‍රවාහන සේවකයින්ගේ මණ්ඩලය ලෙස ආයතනයක් පිහිටුවීමට කටයුතු කරනවා. ඒ තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම තහවුරු කිරීම වෙනුවෙන් මෙහි මූලික කටයුතු ආරම්භ කළා"
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා,
"ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා කුලී රථ සහ විශේෂ චාරිකා සේවා යන කොටස්වල දත්ත එක්රැස් කිරීම සිදුකරනවා. මෙහිදී අපි ඒ සඳහා රාජ්‍ය ආයතනවල හා රථගාල්වල ස්ටිකරයක් ප්‍රදර්ශනය කරනවා. එහි සඳහන් උපදෙස් අනුව තොරතුරු යොමු කරන්න.දත්ත රැස්කිරීම නොවැම්බර් 1 වෙනිදායින් ඇරඹෙනවා."
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments