Hot Posts

6/recent/ticker-posts

රටේ බදු ආදායම 32%කින් ඉහළට


මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32%කට වඩා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

මෙය ප්‍රධාන වශයෙන්ම ආනයන මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) සහ සුරාබදු හරහා රේගුව විසින් එකතුකල බදු නිසා සිදුව ඇති බවයි සඳහන්.

මේ අනූව සැප්තැම්බර් මස අවසානය වන විට බදු ආදායම පෙර වසරට වඩා 32.5% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,563 දක්වා ළඟා වී තිබෙනවා.

එමගින් මූලික අතිරික්තය රුපියල් බිලියන 1,465 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

2025 වසරේ මුල් මාස නවය තුළ අයවැය හිඟය නාමික වශයෙන් 54.5% කින් අඩු වී රුපියල් බිලියන 441.4 ක් ලෙස සටහන් වුණා.

මෙයට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ ආධාර ඇතුළු රජයේ මුළු ආදායම 31.0% කින් රුපියල් බිලියන 3,834.9 ක් දක්වා ඉහළ යාමයි.

තෙවන කාර්තුව අවසන් වන විට ප්‍රධාන ආදායම් එකතු කරන ආයතන ඔවුන්ගේ වාර්ෂික ඇස්තමේන්තුවලින් 78% ක් සපුරා අවසන්.

එය මුළු බදු ආදායමෙන් 48% ක් වන අතර, ඔවුන්ගේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් 80% ක්.

ආනයන මත වැට් (VAT) ආදායම 42% කින් වැඩි වී රුපියල් බිලියන 605 ක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අනූව සුරාබදු ආදායම 94% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 552 ක් වී තිබෙනවා.

මුළු වැට් (VAT) ආදායම 31% කින් වැඩි වී රුපියල් බිලියන 1,239 ක් වී ඇති බවයි සඳහන්.

2025 මුල් භාගයේ නියත මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 6,360.6 ක් වූ අතර එය 2024 එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 6,068.3 ක්.

ප්‍රාග්ධන සහ ශුද්ධ ණය දීම 2% කින් ලෙස රුපියල් බිලියන 455 දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, මුළු පොලී ගෙවීම් 8.6% කින් වැඩි වී රුපියල් බිලියන 1,907 ක් වී තිබෙන බවයි වාර්තාවල සඳහන් වන්නේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments