හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජාගේ අවමංගල්‍යය බොහෝ දේශපාලන නායකයන් එක්තැන් කළ තැනක් බවට පසුගිය සතියේ පත්ව තිබුණා.
.නායක රනිල්ද බිරිඳ මෛත්‍රී සමඟ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවකට ගොස් මනෝජාට අවසන් ගෞරව දක්වා පැය කිහිපයක්ම එහි ගත කළා
.
රනිල් එහි එන විට හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක මෙන්ම රනිල්ගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක පැමිණ සිටියා.
රනිල්- දිනිත් සමග කතා කරද්දී වරුණ සහ මහේෂ්ද ඒ අසලට පැමිණියා.
රනිල් එහිදී කීවේ අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන අතර පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවයි.
"විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලනය විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත්.
ඒත් අද විපක්ෂයේ කටයුතු දුර්වල වෙලා" රනිල් කීවේ උපදේශාත්මක ස්වරයෙනි.
''විපක්ෂයේ පුළුල් ඉදිරිපත් වීම වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයින් කිහිපදෙනෙක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා.
උදාහරණයක් විදියට චාමර සම්පත් , දයාසිරි ජයසේකරගෙ දේශපාලන ඉදිරිපත් වීම දකින්න පුළුවන්.'' රනිල් පැවසුවා.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments