ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නිතීඥවරිය එම ඝාතනයේ වෙඩික්කරුටද ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් සකස් කර දුන්නා දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම කටයුතු සඳහා පාතාල ක්‍රියාකාරිකයින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් එම නීතිඥවරිය ලබා දී ඇතැයි සැක පළකරන බවද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවා.
ඒ හේතුවෙන් නීතිඥවරියගේ බැංකු ගිණුම් පරීක්ෂා කර බැලීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග ලබාගැනීමට කටයුතු කරන බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
එසේම, මෙම ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත සකස් කර දීමට අදාළ නිතීඥවරියට නන් අයුරින් සහාය දැක්වූ අයවලුන් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි ද රහස් පොලිසිය පවසනවා.
මේ වන විට මෙම නීතිඥවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බැවින් අදාළ කාරණා සම්බන්ධයෙන් ද අවධානය යොමුව පවතින බව රහස් පොලිසිය සඳහන් කරනවා.
මේ අතර මෙම නීතිඥවරිය පසුගිය ජුනි මාසයේදී කටුනායක ගුවන්තොටු පොළෙන් සිංගප්පූරුව හරහා ඩුබායි රටට ද ගොස් ඇති බව පැවසෙනවා.
ඇය එලෙස විදෙස් ගත වූයේ කුමන කාරණාවක් සම්බන්ධයෙන් ද යන්න විමර්ශනයට ලක් කරන බවද සිද්ධිය විමර්ශනය කරන රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසුවා.
විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය වරින්වර කුලී පදනම මත නිවාස ලබාගනිමින් පදිංචිය වෙනස් කරමින් සිට ඇති අයකු බවයි.
ඇය ඒ ආකාරයෙන් නිවාස මාරු කරමින් කටයුතු කළේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුවී තිබෙනවා.
සැකකාර නීතිඥවරිය පරිහරණය කළ ජංගම දුරකතනයට පසුගිය කාලයේ ලැබුණු සහ ඇය ලබාගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය පවසනවා. ඉදිරියේදී අධිකරණ නියෝගය ලබාගැනීමෙන් පසු දුරකතන විශ්ලේෂණ වාර්තා කැදැවීමට ද නියමිතව ඇතැයි රහස් පොලිසිය පවසනවා.
මෙම සැකකාර නීතිඥවරිය මින්පෙර කෙහෙල්බද්දර පද්මේගේ නඩු සඳහා ද පෙනීසිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ විසින් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි සැකකෙරෙන බවද රහස් පොලිසිය සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් ඇයගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී හෙළිවනු ඇතැයි ද විමර්ශකයින් සඳහන් කරනවා.
සැකකාර නීතිඥවරිය වසර ගණනාවක සිට මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියක ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
එසේම, එම සැකකාරිය කලක පටන් පාතාල ක්‍රියාකරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කර ඇති බවට හෙළිව ඇතැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය වීමෙන් පසු සහ ඊට ආසන්න දින වකවානුවල මෙම සැකකාරියගේ හැසිරීම කොයි ආකාරයෙන් දැයි යන්න සෙවීම සඳහා කටයුතු කරමින් සිටින බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් නිලධාරියකු පැවසුවා.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments