Hot Posts

6/recent/ticker-posts

දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි


දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ.

අගෝස්තු මස 31 වන දින ධීවරයින් 6 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.

පසුව එම ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්ය.

යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති අතර, තවත් අයෙක් දින 11කට පමණ පසුව මියගොස් තිබේ.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් මඟින් බේරාගෙන තිබුණේ,  අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරමින් තිබිය දීය.

ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාව පිටත්කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණි.

ඒ අනුව විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ (30) පිටත්කර යැවුණේ වෙළෙඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ ධීවරයින් ලබාගැනීම සඳහාය.

මෙලෙස අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර ඇත.

ඒ අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිට ඇති බව වාර්තාවේ.

මියගිය එක් ධීවරයෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ.ඩී.ආර් නවෝදන වන අතර මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්.ඒ.ඩි සුරංග යන අයයි.

දිවි බේරාගෙන ඇත්තේ, පෝෂිත නිමන්ත, ශානක අමිල,ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන සිව්දෙනාය.

ඉන්දුනිසියානු නෞකාව විසින් මියගිය ධීවරයින්ගේ මෘත ශරීරය භාරගැනීමට කැමැත්ත පළ කර නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු අතහැර දමා පැමිණ ඇත.

සිදුරළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතා පවසා සිටියේ, අදාළ ධීවරයින් දින 13ක් පමණ මුහුදේ පාවෙමින් සිට ඇති බවය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments