Hot Posts

6/recent/ticker-posts

දීපවාලී උත්සවයට දියණියගේ ගෙදර ගිය මවගේ සිරුර වැවකින් හමුවෙයි


දීපාවලී උත්සවයට නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් මිනාච්චි වත්තේ දියණියගේ ගෙදරට නෑගම් ගිය කාන්තාවකගේ සිරුර එම වතුයායේ වැවක තිබී අද (24) දින උදෑසන ඥාතීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ හමු වී ඇත්තේ පලනිවේල් රාමසාමි නමැති 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරයි.

සිය මව නිවසේ නොමැති නිසා දියණිය විසින් සොයා ඇති අතර, සිය මව වැව දෙසට ගිය බවට එම වතුයායේ පදිංචිකරුවන් පවසා තිබෙනවා.

පසුව කාන්තාවගේ සිරුර වැවේ තිබී හමු වී ඇත්තේ වතුකම්කරුවන් එක්ව සිදු කළ සෝදිසියක දී යි.

පොලිසිය සැක කරන්නේ මෙය සිය දිවි හානි කර ගැනීමක් බවයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments