Hot Posts

6/recent/ticker-posts

සේවය හැරගිය වෛද්‍යවරුගෙන් අය වියයුතු මුදල මිලියන 1277ක්


සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම කාර්යාලය පෙන්වා දෙන්නේ තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 දිනට රජයට අය විය යුතු බැදුම්කර, දඩ මුදල්, ණය අත්තිකාරම් ශේෂයන්ගේ එකතුව රුපියල් මිලියන 1,277ක් බවය.

ජාතික විගණන කාර්යාලය විසින් සේවය අත්හැර ගිය වෛද්‍ය නිලධාරින්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව මගින් මේ බව අනාවරණය කරගෙන තිබේ.

වර්තමානයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළව පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම අනෙකුත් හේතූන් මත විදේශ ගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම හා සේවය අත්හැර යාම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම එම නිලධාරින් ඇප මුදල් හා දඩ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවක් මෙන්ම ඒවා අයකර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවල දුරවලතා රැසක් ද පවතින බව විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

2015 වර්ෂයේ සිට 2024 අවසානය දක්වා වෛද්‍යවරුන් 705 දෙනෙකු ගිවිසුම් කඩකර ඇති බව ද විගණනයේ දී අනාවරණය වී ඇති බව සඳහන් වේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments