Hot Posts

6/recent/ticker-posts

සෙව්වන්දිගෙන් තවත් තොරතුරු එලියට


නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් සම්බන්ධ වූ අපරාධ පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණ කරගැනීමටයි පොලිසිය සමත් වී තිබෙනවා.

ඉෂාරා සෙව්වන්දි පසුගිය දින කිහිපයේ අලු‍ත්ගම, දොඩංදූ‍ව හා මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට විමර්ශන සඳහා රැගෙනගොස් තිබූ අතර ඇ‍ය ඊයේ කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වුණා.

ඉෂාරා සෙව්වන්දි හෙළිකළ කරුණු අනුව ඇයට සැඟව සිටීමට පහසුකම් සැපයූ මතුගම වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු, ඔහුගේ බිරිඳගේ මව ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම කොස්තාපල්වරයාගේ බිරිඳගේ මව ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් කේ.කේ. නානායක්කාර නියෝග කළේ 52 හැවිරිදි එම සැකකාරිය මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ අතර නේපාලයේ සිට මෙරටට රැගෙන ආ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රඳවා සිටින දිනේෂ් කුමාර හෙවත් ගම්පහ බබා නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සිදු කිරීමට සැලසුම් කර තිබු අපරාධයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී තිබුණා.

ඒ අනුව ඔහු විසින් සඟවා තිබූ ටී - 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ 50 ක් පමණ සොයාගෙන තිබුණේ කදාන මහබාගේ ප්‍රදේශයේ කෙරවලපිටිය අධිවේගි පිවිසුම අසල 18 කණුව ස්ථානයේ කොන්ක්‍රීට් කාණුවක තිබියදීයි. ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනය සඳහා භාවිත කිරීමට එම උණ්ඩ සඟවා තැබූ බව සැකකරු අනාවරණ කර තිබෙනවා.

එසේම කෙහෙල්බද්දර පද්මේ විසින් එම උණ්ඩ තොගය ඔහුට ලබාදී ඇති අතර ඒවා වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments