Hot Posts

6/recent/ticker-posts

පැය 24ක් තුළ වන අලි මරණ 06ක්


ගතවූ පැය 24 තුළ කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වන අලි මරණ 6ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ සංසදය පවසනවා.

කොළඹ - කොටුව සිට අනුරාධපුරය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක ගැටීමෙන් ගල්ගමුව තේක්ක රක්ෂිතයේ සිට ආහාර සොයා ගම්වැදීමට උත්සහ කළ අලි රංචුවක සිටි වන අලියෙකු මියගොස් සිටි තිබෙනවා.

මේ අතර, පොළොන්නරුව, ඇලහැර, අත්තනකඩවල, මඩුදමන ප්‍රදේශයේ නිවසකට අද අලුයම  වන අලියෙකු පහරදී තිබුණා.

එම අලියා නිවසේ තිබූ වී මිටි තුනක් ද ආහාරයට ගෙන ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයේ නිවාස 40 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වන අලි පහරදීමෙන් විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර යාල ජාතික වනෝද්‍යානයට සෆාරි ජීප් රථ ඇතුළු කිරීමේ දෛනික සීමාව 600 සිට 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් සෆාරි ජීප් රථ හිමියන් පිරිසක් අද තිස්සමහාරාම නගරයේදී රථ පෙළපාලියක නිරතවුණා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments