Hot Posts

6/recent/ticker-posts

මැර තර්ජනවලට බියෙන් ඩයගම රෝහල වසා දැමේ



ඩයගම ප්‍රාදේශීය රෝහලට තුවාලකරුවෙකු රැගෙන ආ පුද්ගලයෙකු තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් රෝහලේ කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයට නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමින්.


ඉකුත් 20 වැනිදා දීපවාලි දින පහරකෑමකින් තුවාල ලැබූ පුද්ගලයෙකුට ප්‍රතිකාර ගැනීම සඳහා එම තුවාලකරු සමග පිරිසක් ඩයගම ප්‍රාදේශීය රෝහලට පැමිණ තිබෙනවා.

එහිදී එම පුද්ගලයා විසින් වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කර ඇති බවත් රියැදුරුකුට පහරදී ඇති බවත් රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රෝගීන් සමග පැමිණෙන බාහිර පුද්ගලයන්ගේ මැර තර්ජන හේතුවෙන් නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමින් ඩයගම ප්‍රාදේශීය රෝහලේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබෙනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments