කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ.
එහිදී බඩ ඉරිඟු කිලෝ 27,142ක්, සෝයා ඇට කිලෝ 9,193ක් සහල් කිලෝ 3,620ක් සහ මුං ඇට කිලෝ 2,320ක් රඳවා තබා සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
එහිදී එම සාම්පල කෘමි හානි සිදුව ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ගබඩා හිමිකරු කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී කුරුණැගල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ගබඩා හිමිකරුට රුපියල් 50,000ක දඩයක් නියම කළ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 42,275ක් වූ ධාන්‍ය තොග විනාශ කිරීමටද නියෝග කර ඇත.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතාගේ මග පෙන්වීමෙන් හිරිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුශ්ක රත්නායක සමග චන්දිම හේරත් මදුශාන් වර්ණකුලසූරිය යන මහජන සෞඛ්‍ය පරීක්ශකවරු විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments