පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ගොස් මෙරටට නැවත නොපැමිණ රජයට කෝටි පහකට ආසන්න මුදලක් පාඩු කළ බව කියන සිද්ධියට අදාළ ක්‍රීඩකයන් දස දෙනෙකුට අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් දසදෙනාට රතු නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියා.
2022 වර්ෂයේදී එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ගොස් එම තරගාවලියට සහභාගී නොවී ලංකාවට නැවත නොපැමිණ රජයට කෝටි පහකට ආසන්න මුදලක පාඩුවක් සිදුකළ බව කියන ක්‍රීඩකයන් දස දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියා.
ක්‍රීඩා ජනරාල් අධ්‍යක්ෂක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදු කරන බවයි විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ,
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වු විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ තරග වලට සහභාගී නොවී සිදුකර ඇති මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීම පනතේ 2019 අංක 24 පනතේ 5 සහ 6 වගන්ති යටතේ චෝදනා ගොනු කර ඇති බවයි.
එසේ විදෙස් ගමන් තහනම් පනවනු ලැබුවේ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ අසේල ද සිල්වා,චමිලා දිලානි, එස් චතුරංග, වයි නික්ලස්, අශේන් රශ්මික එස් මලින්ත, ශ්‍රියන්තිකා ප්‍රනාන්දු සංජීව රාජකරුණ, ජීවන්ත විමුක්ති කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විදානගේ සඳහන් කර සිටියේ, 2022 වර්ෂයේ ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 116 දෙනෙක් එම තරඟ සඳහා සහභාගී වූ බවයි.
ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විදානගේ
" ස්වාමීනි, 2022 පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ බර්මින් හෑම් වල ඒකට ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 116 දෙනෙක් ගියා. ඒ සඳහා ක්‍රිකට් සමාගමෙන් කෝටියක් සහ ඉතුරු මුදල් රජයෙන් වියදම් කර තිබෙනවා. සාමාන්‍යයෙන් කෝටි පහකට ආසන්න මුදලක් මේ සඳහා වියදම් වී තිබෙන බවයි සඳහන් වන්නේ, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116ක්, පුහුණු අය 28ක් නිලධාරීන් 11 ක් ,වෛද්‍ය නිලධාරීන 4ක් මල්ලව පොර තරග සඳහා ක්‍රීඩකයන් 6 දෙනෙක්, ජුඩෝ සඳහා ක්‍රීඩකයන් 5 දෙනෙක් බොක්ෂින් සඳහා ක්‍රීඩකයන් 8 දෙනෙක් සහ චොලිබෝල් සඳහා ක්‍රීඩකයන් 4 දෙනෙක් වශයෙන් එංගලන්තයට යවා තිබෙනවා.
" මෙම යවන ලද පිරිස අතරින් මල්ලව පොර සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් 3ක් ද ,ජූඩෝ තරඟයකට සහභාගි වූ ක්‍රීඩකයන් 2ක් ද, බොක්ෂින් සඳහා ගිය ක්‍රීඩකයන් 2ක් සහ වොලිබෝල් සඳහා ගිය ක්‍රීඩකයන් දෙන්නෙක් පලා ගොස් නැවත ලංකාවට පැමිණ නැහැ. මෙම ක්‍රීඩකයන් දහදෙනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා."
ස්වාමීනි රජයට විශාල පාඩුවක් කරමින් මොවුන් එම තරග වලටද සහභාගී නොවී එංගලන්තයේ සිටින බවටයි වාර්තා වන්නේ,
ස්වාමීනි මෙම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටින අතර රතු නිවේදන නිකුත් කිරීමටද බලාපොරොත්තු වන බව අධිකරණයට දන්වා සිටිනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළා.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments