Hot Posts

6/recent/ticker-posts

රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය


රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඵ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුවුණි.

ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, ඔක්තෝබර් 02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කරනු ලැබ ඇති නිර්දේශ පරිදි පහත සඳහන් බඳවාගැනීම් සිදුකිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බඳවා ගැනීම් හා පුරප්පාඩු පිළිබඳ විස්තර පහතින් දැක්වේ.



Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments