තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියක් පමණ වටිනා වියළි ගංජා කිලෝ 128ක්, අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා වගාවක්, අක්කර එකක පැළ තවානක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (29) සවස අත්අඩංගුවට ගත් බව තණමල්විල මූලස්ථානය පවසනවා.
මෙම වැටලීම සිදු කර තිබෙන්නේ තණමල්විල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශ නිලධාරීන්ට සහ තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මතයි.
පොලිසිය පවසන්නේ එහි දී මුලින්ම තණමල්විල නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අක්කරයක ගංජා පැළ තවානක් සමඟ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම හේතුවෙන් සැක සිතී පොලීසිය ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරුවලට අනුව එම ස්ථානට මදක් දුරින් අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා හේනක් සහ අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි ගංජා කිලෝ 128ක් සමඟ 61 හැවිරිදි සහ 58 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මිද්දෙනිය, ඇඹිලිපිටිය සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වෙනවා.
මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන්. ගුණවර්ධන, තණමල්විල සහකාර පොලිස් අධිකාරි බී.යූ.පී. මානියන්ගම, තණමල්විල මූලාස්ථාන ප්‍රධාන පොලිස්පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් සමඟ තණමල්විල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශයේ නිලධාරින් එක්ව වැටලීම සිදුකර තිබෙනවා.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments