Hot Posts

6/recent/ticker-posts

කෙහෙල්බද්දර අනතුරකින් තරුණයෙක් මරුට


​ගම්පහ, උඩුගම්පොළ - කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර මංසන්ධියේදී අද (31) උදෑසන 6:00ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
ගම්පහ ​පොලිසිය පැවසුවේ, උඩුගම්පල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගයේ අයිනේ සිටි පුද්ගලයෙකු යට කරගෙන අසල තිබූ වෙළඳසැලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
 
​මියගොස් ඇත්තේ කෙහෙල්බද්දර පදිංචිකරුවෙක්.
 
​ගම්පහ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති චමින්ද පින්තූ සඳහන් කළේ, කාර් රථය පැදවූ තරුණයාට (23) නින්ද යාම අනතුරට හේතුවන්නට ඇතැයි අනුමාන කරන බවයි.
 
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරුගේ මව සහ සහෝදරියද කාර් රථයේ ගමන් කර ඇති අතර 
අනතුරින් රියදුරුගේ මවටද තුවාල සිදුව තිබෙනනවා.
 
​කාර් රථය පැදවූ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments