Hot Posts

6/recent/ticker-posts

සෙව්වන්දි සමග රැගෙන ආ ගම්පහ බබා ඝාතන සැලසුමක් වමාරයි

 



ඉෂාරා සෙව්වන්දි සමඟ නේපාලයේ සිට මෙරටට රැගෙන ආ පිරිස අතර සිටි ගම්පහ බබා නැමැත්තාගෙන් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතන තැතක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

සැකකරු පවසා ඇත්තේ කෙරවලපිටිය අධිවේගි පිවිසුම අසල කාණුවක තිබි සොයාගත්  T56 වර්ගයේ ජීව උණ්ඩ පනහක පමණ ප්‍රමාණය ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට කෙහෙල්බද්දර පද්මේ සූදානම්ව සිටි කාලයේදී තමන්ට ලබාදුන් ඒවා බවය. 

තවද කෙහෙල්බද්දර පද්මේ, අදාළ උණ්ඩ තොගය තමා සතුව තබාගන්නා ලෙසත් අවශ්‍ය විටදී ඒවා යළිත් ලබාගන්නා බවත් පවසා ඇති බව ගම්පහ බබා නැමැත්තා අනාවරණ කර තිබේ.

එමෙන්ම ගම්පහ බාබා නැමැත්තා මෙරට රැඳි සිටි සමයේදී සුඛෝපභෝගී නිවාසවල රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒවා රුපියල් ලක්ෂය ඉක්මවූ මාසික කුලී පදනම මත රැඳී සිටි ඒවා බවද එහිදී හෙළි වී තිබේ.

විමර්ශකයින් සැක කරන්නේ එම නිවාසවල කුලිය ගෙවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ බවටය.

වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ බබා නැමැත්තාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

මේ අතර ගණේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පසුගිය සෙනසුරාදා (18) කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගිය ඉෂාරා සෙව්වන්දි තවදුරටත් එම ප්‍රදේශයේ රඳවා තබාගෙන ප්‍රශ්නකරන බව විමර්ශන නිලධාරීන් පවසයි.



Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments