සිය දියණියගේ 34 වන උපන්දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි 63 හැවිරිදි එංගලන්ත ජාතික සංචාරකයෙකු, ඇල්ල රොක් (Ella Rock) කඳුවැටිය නැරඹීමට ගොස් සිටියදී හදිසියේ ඉන් ඇද වැටී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේ පදිංචි බ්‍රේර්ට් මැක්ලන් (Brett Maclean) මහතායි.
ඔහු සිය දියණිය (නතාලි ඈන්) සමඟ ඉකුත් 16 වන දා ශ්‍රී ලංකාවට පැමිණ, වැලිගම ප්‍රදේශයේ සංචාරයකින් පසු 23 වන දා ඇල්ල වෙත පැමිණ ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම ඉකුත් 25 වන දින සිදුව ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
සතුටුදායක සංචාරයක් මෙලෙස ඛේදවාචකයකින් අවසන් වීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව. මියගිය සංචාරකයාගේ දියණියට සහ පවුලේ අයට අපගේ ශෝකය ප්‍රකාශ කරමු.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments