Hot Posts

6/recent/ticker-posts

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි


ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම අද (30) වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවීය. 

ඒ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ලඟා වෙමින් පවතී. 

ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්තාගත ආදායම ලබා ඇත. 

මෝටර් රථවලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් මේ ආදායමට අන්තර්ගත වී ඇත. 

වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක් රැස් කරගත හැකිවනු ඇති බවට රේගුව විශ්වාසය පල කරයි.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments