නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු හය දෙනා අද මෙරටට රැගෙන ඒමට නියමිත අතර ඔවුන් කොටුකර ගත් මෙහෙයුම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ මීට පෙර කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබුණේ ඉෂාරා සෙව්වන්දී ඩුබායිහි සැඟව සිටින බවටයි.
කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ එලෙස ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් බවයි පොලිසිය පැවසුවේ.
අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස නම් කළ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට පත් වුණේ එම ඝාතනයෙන් මාස 8කට ආසන්න කාලයකට පසුවයි.
එහිදී තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු ද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන අත්තේ නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයකදීයී.
ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද මේවන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
ඒ අතර ඉෂාරා සෙව්වන්දිගේ රුවට බෙහෙවින් සමාන යාපනයේ පදිංචි කාන්තාවක්ද සිටිනවා.
මේ වන විට හෙළිවී ඇති කරුණු අනුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායිහි සැඟව සිටින කාලසීමාවේ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පිටත් කර රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ඔහුගේ සමීපතමයෙකු වන ජේ.කේ.බායි නැමැත්තාටයි.
මේ අතරතුර බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල සහ එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඉෂාරා සෙව්වන්දී ඩුබායිහි සැඟව සිටින බවටයි.
කෙසේ වෙතත් ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පැමිණ නැහැ.
ඒ අනුව පරීක්ෂණ නොමග යැවීමේ අරමුණෙන් කෙහෙල්බද්දර පද්මේ එලෙස ප්‍රකාශ කර ඇති බව හෙළි වූ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව පොලිසිය පවසන්නේ අත්අඩංගුවේ පසුවන වෙනත් පාර්ශ්වයක් විසින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සිටින බවට තොරතුරු ලබා දුන් බවයි.
එම තොරතුරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායම ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රහසිගතව නේපාලය බලා පිටත්ව ගොස් තිබුණා .
රොහාන් ඕලුගල අදාළ මෙහෙයුමට නේපාලය බලා පිටත්ව ගොස් ඇත්තේ තමන්ට වෛරස් උණ රෝගය වැළඳී අසනීපව සිටින බවට ප්‍රචාරය කිරීමෙන් පසුවයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමේදී එම තොරතුර පොලිස් නිලධාරියෙකු විසින්ම අපරාධකරුවන්ට ලබා දී තිබූ බැවින් මෙවර ඔහු මෙම උපක්‍රමය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නේපාල මෙහෙයුමේදී ජේ.කේ.බායි නැමැත්තාව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල දුටු සැණින් ඉෂාර සෙව්වන්දි ''ඕලුගල සර්'' යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිට කර තිබෙනවා.
එහිදී ''ආ කෙල්ල කොහොමද?'' යනුවෙන් පැවසූ රොහාන් ඕලුගල නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහය ඇතිව ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
''මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා, මම මාස 07ක් තිස්සේ නේපාලයේ හිරවෙලා ඉඳලා මට එපා වෙලා හිටියේ. මෙහෙම ඉන්නවාට වඩා ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙම හිටියා'' යනුවෙන්ද අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඉෂාර සෙව්වන්දි පවසා ඇතැයි පොලිසිය පැවසුවා.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගම්පහ බබා නැමැත්තා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගලට ලබා දී පලා යෑමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කළ නිලධාරින් ඔහුවද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනාම ඉදිරි දිනයකදී මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments