Hot Posts

6/recent/ticker-posts

කොරියානු භාෂා විභාගය 23දා සිට


2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය ලබන 23 දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය තුන්දහස ඉක්මවන බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එහිදී නිෂ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.


Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments