Hot Posts

6/recent/ticker-posts

දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍යවල සමස්ත බර කිලෝ 839ක්


දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන, තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබු මලු 51 සමස්ත බර කිලෝග්‍රෑම් 839.254ක් බව නාවික හමුදාව සඳහන් කරනවා.

ඒ අනුව, එම මලු තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය අතුරින් අයිස් කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 12ක් සොයාගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.


එමෙන්ම මෙම මලු 51 අඩංගු මත්ද්‍රව්‍යවල සමස්ත බර කිරා අවසන් වූයේ අද (15) පාන්දර 05ට පමණ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තංගල්ල රැකව මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු උර තොගයක් දැක තිබුණේ ධීවරයින් පිරිසක් විසින්.

ඔවුන් විසින් ඒ පිළිබඳව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව දැනුවත් කර තිබුණා.

ඒ අනුව එම පාර්සල් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව පියවර ගෙන තිබුණා.


අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවටයි වාර්තා වන්නේ.

යාත්‍රා 3ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙනවිත් ඇති බවට ලද බුද්ධි තොරතුරක් මතයි නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබෙන්නේ.

අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගත් ඔවුන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදී නොතිබුණු අතර, යාත්‍රා පවතින ස්ථානය හඳුනාගැනීම සඳහා එහි සවිකර තිබූ ඪඵී පද්ධතියද ඔවුන් ක්‍රියාවිරහිත කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected, click here

Redirecting in 5 seconds... Click here if not redirected

Post a Comment

0 Comments