බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවය.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයකුගේ වුවමනාව මත බිත්තර මිල පහත හෙළීම අවධානම් සහගත ක්‍රියාවක් බවය.
මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු ලෝක බිත්තර දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය ඉදුනිල් පතිරණ මහතා සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදනයේ අතිරික්තය අපනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවය.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments